ඒකල ගුවන් හමුදා ගුවන් හමුදා වෘත්තීය පුුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
2:34pm on Monday 14th October 2019
ඒකල ගුවන් හමුදා ගුවන් හමුදා වෘත්තීය පුුහුණු පාසලේ හිටපු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් ජූඩ් පෙරේරා මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මුදිත මහවත්තගේ මහතා හට නිළවශයෙන් භාරදීම  2019 ඔක්තෝම්බර් මස 09 වන දින ඒකල ගුවන් හමුදා ගුවන් හමුදා වෘත්තීය පුුහුණු පාසලේදී සිදුවිය.

අණදෙන නිළධාරී ධුරය භාරදීමේ පෙළපාලිය වෘත්තීය පුහුණු පාසල් සරඹ පිටියේදී පැවැත්වුණු අතර ඒ සඳහා ගෲප් කැප්ටන් චෙෂාන්ත රාපක්‍ෂ විසින් අණදෙන ලදී.

හිටපු අණදෙන නිළධාරීවරයා වෘත්තීය පුහුණු පාසලේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි