2019 හොඳම වෙබ් අඩවිය
2:34pm on Monday 14th October 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ  නිල වෙබ් අඩවිය වන ”www.airforce.lk” වෙබ් අඩවිය 2019 වසරේ හොඳම වෙබ් අඩවිය තරඟයෙන් රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් දිනා ගන්නා ලදී. එසේම විශේෂ කාණ්ඩය (හොඳම දෙමළ වෙබ්අඩවිය) තේරීමේ තරඟයෙන් තුන්වන ස්ථානය දිනා ගන්නා ලදී. එහි සම්මාන ප‍්‍රදානෝත්සවය 2019 අගෝස්තු මස 08 වන දින් කොලඹ මැරීනෝ බීච් හෝටලයේ දී පැවැතිවිණි.

ලබාගත් සම්මාන නිළවශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හට භාරදීම 2019 ඔක්තෝම්බර් මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. ගුවන් හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් අරෝශ විතාන විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට සම්මාන භාර දීම සිදු කරන ලද අතර ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න සහ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි