දියතලාව සටන් පුහුණු පාසල සිය 67 වන සංවත්සරය සමරයි
3:13pm on Sunday 27th October 2019
වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් චමින්ද වික්‍රමරත්න මහතාගේ මගපෙන්වීම මත කඳවුරේ නිළධාරීන් සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 2019 ඔක්තෝම්බර් මස 15 වන දින සමරන ලදී. සංවත්සර දින පෙළපාලියකින් සංවත්සර දින සැමරුම ආරම්භ කරන ලද අතර පෙළපාලිය අවසානයේ අණදෙන නිළධාරීතුමන් සියළු නිලයන් අමතන ලදී.තවද වැඩබලන අණදෙන නිලධාරී විසින් අතීත අණදෙන නිලධාරීන් මෙන්ම පාසල ආරම්භ කළ දින සිට එහි සේවය කළ නිලධාරීන් ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද කළ දැවැන්ත දායකත්වය අගය කල අතර සිය දේශනය අවසන් කරමින් ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණුවේ තොටිල්ල වැඩිදියුණු කිරීම සඳහා ලබා දුන් දැවැන්ත හා අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගුවන් හමුදාපතිවරයාට සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයට ස්තූතිය පුද කළේය.

කහගොල්ල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වන නිසංසලාරාමයේ පාසලේ ශ‍්‍රමදාන
ව්‍යාපාරයක් ද කදවුරේ ස්ථිර කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලදී. දියතලාව සටන් පුහුණු පාසල සිය 67 වන සංවත්සරය සමරයි


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි