මව්බිම වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර සෙබලුන් "උත්තම පූජා" පදක්කමෙන් පිදුම් ලබයි
12:44pm on Saturday 4th December 2010
නිදසස් නිවහල් සාමකාමී දේශයක් බිහිකිරීමේ පරම අදිෂ්ඨානයෙන් යුතුව රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර සෙබලුන් වෙනුවෙන් උත්තම පූජා පදක්කම් ප්‍රධනය කිරීමේ උත්සවය අද උදැසන ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේදී සිදුකෙරින.

පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශවල මානූෂීය මෙහෙයුම් සමයේ දිවි පිදූ හා අතුරුදන් වූ වීරෝධාර සෙබලුන් වෙනුවෙන් භාර්යාවන්ට හා දෙමාපියන්ට උත්තම පූජා පදක්කම් ප්‍රදානය සිදුකරන ලදී.

මෙම උත්සව අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා සහභාගී වූ අතර රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර සෙබලුන් හට සිය උත්තමාචාරය පුද කිරීමට අමතක නොකලහ.ගුවන් හමුදා සුභ සාදක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්. ඒ. සිල්වා ඇතුළු ත්‍රිවිද හමුදා සුභ සාදක අධ්‍යක්ෂකවරුන් ද, ගෲප් කපිතාන් සාගර කොටකදෙනිය, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි පද්මා වැත්තැව මහත්මිය හා පොලොන්නරුව ප්‍රදේශයේ පොලීසීය ඇතුළු ත්‍රිවිද හමුදා උසස් නිලධාරීන් රැසක්ද මේ අවස්ථාවට එක් වූහ

තවද, මෙම පදක්කම් ප්‍රධානය කිරීමේ උත්සවයෙන් අනතුරුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුර තුල ස්ථාපිත අංක 09 එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බළඝනය,අංක 07 බෙල් 212 හෙලිකොප්ටර් යානා බළඝනය හා අංක 03 සැපයුම් හා නඩත්තු කිරීමේ බළඝන වෙත සංචාරයක ද නිරත් විය





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි