කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 35 වන සංවත්සරය සමරයි
3:20pm on Sunday 27th October 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 35 වැනි සංවත්සර දිනය 2019 ඔක්තෝබර් 19 දින සමරණ ලදී. දෙවන ලෝක යුධ සමයේ (1939-1942* දී රාජකීය ලංකා ගුවන් හමුදාවේ අංක 413 බලඝණය 1942 වසරේ අපේ‍්‍රල් මස 02 වන දින කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලදී.

දෙව ලෝක යුද්ධයෙන් අනතුරුව, අංක 413 බලඝණය අත්හැර දමන ලද අතර එහි භට පිරිස් ශ‍්‍රී ලංකාවෙන් නැවත කැඳවන ලදී. පසුව,1982 වසරේදී කොග්ගල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදා ඒකකයක් වශයෙන් ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කරන ලද අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඒඩී පෝල් එහි පළමු අණදෙන නිළධාරීවරයා වශයෙන් පත්කරන ලදී.

නව කඳවුරේ ආරම්භක දින උත්සවය 1984 වසරේ ඔක්තෝම්බර මස 19 වන දින පවත්වන ලදී.

සංවත්සර දින සැමරුම කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වීජීජීබී පියසිරි මහතාගේ ප‍්‍රදානත්වයෙන් පවත්වන ලදී.එහිදී හබරාදූව සහ කොග්ගල මාර්ගය දෙපස පදික වේදිකාව පිරිසිදු කිරීමේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදී.

කඳවුරු පරිශ‍්‍රයේ පැවති සංවත්සර දින සැමරුම් පෙළපාලිය අණදෙන නිළධාරීතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. අනතුරුව සුහද ක‍්‍රිකට් තරඟාවළියක් පවත්වන ලද අතර සියළු නිළයන් සඳහා දිවා භෝජන සංග‍්‍රහයකින් සැමරුම් දින උත්සවය අවසන් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි