චීනවරාය විද්‍යාපීඨය 2019 ජනාධිපති පාරිසරික ආරක්ෂණ සම්මාන උළෙලේදී රන් පදක්කම දිනා ගනී
9:51am on Monday 4th November 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය ඔක්තෝබර් 29 නෙලුම් පොකුන රඟහලේදී පැවති 2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී පරිසරයට දායක වන රාජ්‍ය අංශයේ හොඳම රාජ්‍ය ආයතනය සඳහා රන් සම්මානය දිනා ගත්තේය.

පරිසර හිතකාමී ආකල්ප ප්‍රදර්ශනය කළ සහ පරිසරයේ මූලයන් තිරසාර ලෙස උපයෝගී කර ගැනීමෙන් දූෂිනයෙන් තොර නිදහස් පරිසරයක් සඳහා සැලකිය යුතු ප්‍රයත්නයක් දැරූ රාජ්‍ය අංශයේ සංවිධාන කර්මාන්ත සහ පුද්ගලයින් හඳුනාගෙන ඒවාට ප්‍රතිලාභ ලබා දීම සඳහා මධ්‍යම පාරිසරික අධිකාරිය විසින් ජනාධිපති පාරිසරික සම්මාන උළෙල සංවිධානය කරනු ලැබේ.සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ සදහා ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසින් අයදුම්කරුවන්ගේ පාරිසරික ආරක්ෂණ පියවරයන් පිළිබදව සොයා බැලීය. ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරිසරය පිළිබඳ සිය ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමෙන් පසු පරිසර ආරක්ෂාව සඳහා ජනාධිපති රන් සම්මානයක් ලබා ගන්නා ලදී.

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සභාපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රන් සම්මානය චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමර්ඩෝ ආර්ඒයුපී රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාද  විධායක තත්ත්ව නීර්න නිරීක්ෂන නිලධාරි එයාර් කොමර්ඩෝ එල්එම්එස්කේ ලීලරත්න, චීනවරාය විද්‍යාපීඨයේ නිළධාරි අණදෙන කදවුරු සේවා ස්කොඩ්‍රන් ලීඩර් ආර්ඩීඩබ්ලිව් ජයසූරිය සහ අපද්‍රව්‍ය කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයින් ද සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි