ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවලිය 2019
7:32am on Tuesday 12th November 2019
ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවලිය 2019 නොවැම්බර් මස 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරේදී අවසන් විය. මෙම බර ඉසිලීමේ තරඟාවලියේදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කණ්ඩායම පිළිවෙලින් පිරිමි හා කාන්තා  ශූරතාවයන් දිනාගැනීමට සමත් වූ  අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුර හා  ගුවන් හමුදා කොළඹ කදවුර පිළිවලින් පිරිමි හා කාන්තා අනුශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.
   
තවද ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසැලේ බලපන්ති සැරයන්   ගුවන් සැරයන් ලසන්ත ආර්ගඑම්ගපීගපීආර්ගසීග හොඳම බර උසුලන්නා ලෙසද ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් නායක ගුවන් කාන්තා ගන්කන්ද ජීඩීඅයිඑන් හොඳම බර උසුලන්නිය ලෙසද සම්මාන ලැබීය  

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්ය සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) එල්ආර් ජයවීර මහතා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරි තුමන් ඇතුළු නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි