ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සිය 37 වන සංවත්සර දිනය සමරයි
11:31am on Thursday 14th November 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අණදෙන නිළධාරී තුමන්ගේ  මගපෙන්වීම යටතේ 2019 නොවැම්බර් මස 10 වන දින සිය 37 වැනි සංවත්සරය සමරනු ලැබීය. මෙම සංවත්සර සැමරුම හා සමගාමීව ඹක්තෝම්බර් මස 08 වනදින ශාන්ති වැඩිහිටි නිවායේ ශ්‍රමදාන ව්‍යාපාරයක්ද ඹක්තෝම්බර් මස 17 දින ඉසුරුමුණි විහාරයේ ශ්‍රමදාන ව්‍යාපාරයක්ද සංවිධානය කරන ලදී. තවද මහින්ද මහා පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා 100 නමක් උදෙසා දානමය පිංකමක්ද පවත්වන ලදී.

සැමරුම් දින පෙළපාලිය කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර් පී ලියානගමගේ  මහතාගේ පරීක්ෂාවට ලක්කෙරුණු අතර සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා තරග හා දිවා ආහාරයද  සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි