මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ආදේශන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.
11:37am on Thursday 14th November 2019
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන කණ්ඩායම මධ්‍යම අපි‍්‍රකාව වෙත 2019 නොවැම්බර් මස 13 වන දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මධ්‍යම අපි‍්‍රකාව බලා පිටත්ව ගිය බලඇණිය සඳහා ගුවන් හමුදා සාමාජිකයින් 109 දෙනෙකු ඇතුලත් වූ අතර මෙම බලඇනිය බාරව කටයුතු කරනු ලබන්නේ විංග් කමාන්ඩර් කුෂාන් වන්නිආරච්චි වන අතර ඔවුන් පිටත්ව යන අවස්ථාව සදහා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්්ඨ නිළධාරීන් පිරිසක් සහ පිටත්ව ගිය බලඇණි සාමාජිකයින්ගේ පවුල් වල සාමාජිකයන් රැසක්ද පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි