බලපන්ති සැරයන් දිශාන්ත විශිෂ්ඨතම ගුවන් භටයා ලෙසින් සම්මාන ලැබීය
7:41pm on Friday 10th December 2010
2009 වර්ෂය සඳහා විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ විද්‍යුත් හා සන්නිවේදන ඒකකයේ සේවයේ නියුතු16664 බලපන්ති සැරයන් දිශාන්ත ඩබ්.එච්.කේ (ගුවන් රෙදෙව් ශිල්පී) සම්මාන ලැබීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මැතිතුමන්ගේ සංකල්පයකට අනුව යමින්, වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම් ආදී නොයෙකුත් කරුණු ඔත්සේ යමින් මෙම විශිෂ්ඨතම ගුවන් භටයා හෝ ගුවන් කාන්තාව වෙනුවෙන් තිළිණ ප්‍රධානය කරමින් ගෞරව දක්වනු ලැබේ.

පිළිගත් ක්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්, ඒ ඒ අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ අදීක්ෂණය කරමින්, පසුගිය වර්ෂයේ ගුවන් හමුදවේ උන්නතිය වෙනුවෙන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කරන ලදී. ගඟන ඉංජිනේරු, සාමාන්‍යය ඉංජිනේරු, විද්‍යුත් හා සන්නිවේදන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භුමි මෙහෙයුම්, සෞඛ්‍ය සහ දන්ත වෙද්‍යය සේවාවන් හි නියුතු වුවන් මේ සඳහා තෝරා ගන්නා ලදී.

මෙහිදී උපකාරක වෘත්තීන් හි නියැලි හොඳම ගුවන් භටයා වෙනුවෙන්, ගුවන් මෙහෙයුම්,ගිණි නිවාරන, ශාරීරික අභ්‍යාස පුහුණු කරු, ගුවන් සුනඛ අංශය,පරිඝණක තාක්ෂණ ශිල්පීන්, ගුවන් හමුදා පොලීසිය, සංගීතඥ සහ කෘෂි අංශය සැලකීමට ලක් කල අතර එහිදී කෘෂි අංශයේ සේවයේ නියුතු 31321 බලපන්ති සැරයන් විජේසිංහ ඒ එස් එස් සම්මාන ලැබීය.

තවද හොඳම පර්යේෂණ කණ්ඩායම තේරීමේදී අධ්‍යක්ෂ පර්යේෂණ හා ආරක්ෂණ විසින් හොඳම ව්‍යාපෘති 10ක් සැලකිල්ලට ලක් කල අතර මාණ්ඩලික ප්‍රධානී, උප මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්ෂ සැලසුම් විසින් අංක 09 හෙලිකොප්ටර් බලඝණය, අංක 10 ප්‍රහාරක ජෙට් බලඝණය සහ අංක 32 ගුවන් ආරක්ෂක පද්ධතිය පිළිවෙලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා තෝරා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පී බී ප්‍රේමචන්ද්‍ර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, අධ්‍යක්ෂ සෞඛ්‍ය සේවා එයාර් වයිස් මාර්ෂල් එන් එච් ගුණරත්න, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සී ආර් ගුරුසිංහ, සංව්ධායක කමිටු සභාපති සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගඟන ඉංජිනේරු ගුවන් කොමදෝරු එල් එච් ඒ සිල්වා මෙම අවස්ථාවට සහභාගී විය.

තවද ගුවන් හමුදාවේ සිටින ජේෂඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව වන ප්‍රධාන බලලත් නිළධාරී ජයසුන්දර සහ බලලත් නිළධාරීනී නිලන්ති ද මේම තිළිණ ප්‍රධානොත්සවය වෙනුවෙන් සහභාගී විය.

එසේම තම වෘත්තීන් හි දක්ෂතා දැක්වු ගුවන් භටයින්ට ද මෙහිදී සම්මාන පිරිනැමින.

මෙහෙයුම් භූමි වෘත්තීය
14950 සැරයන් වේරක එම් එම් ආර් යු ජේ

වෛද්‍ය හා දන්ත සේවා
13616 බලලත් නිළධාරී ඩබ් බී ඒ එස් රොද්‍රිගෝ

පරිපාලන
12031 ප්‍රධාන බලලත් නිළධාරී එස් එම් කේ

සැපයුම්
13222 බලලත් නිළධාරී ඒ හේවාවිතාරණ

සිවිල් ඉංජිනේරු
14787 බලපන්ති සැරයන් ඒකනායක ඊ.එම් ඒ බී

විද්‍යුත් හා සන්නිවේදන
15664 බලපන්ති සැරයන් දිශාන්ත ඩබ් එච් කේ

සාමාන්‍ය ඉංජිනේරු
7251
ප්‍රධාන බලලත් නිලධාරී බින් ඩී ඩබ් ඩී සමරනායක

ගුවන් යානා ඉංජිනේරු
14723 බලපන්ති සැරයන් අචින්තක ජේ එන් ඩී 



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි