ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශේෂ පරිත්‍යාගයන් රැසක්
2:07pm on Thursday 28th November 2019
ජපන් ශ්‍රී  ලංකා මිත්‍රත්ව සංගමය විසින් විශේෂ පරිත්‍යාගයන් රැසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ප්‍රදානය කිරීමේ උත්සවයක් 2019 නොවැම්බර් මස 25 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය ද මෙම අවස්ථාවට එක් වූවාය. මෙම පරිත්‍යාගයන් අගයමින් උත්සවය අතරතුර විශේෂ සංස්කෘතික වැඩසටහන් කිහිපයක්ද ඔවුන් හට නැවුම් වු අත්දැකීමක් ලබා දීම සදහා ඉදිරිපත් කරන ලදී.

සම්ප‍්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ගුවන් හමුදා නර්තන කණ්ඩායම විසින් පිළිගැනීමේ නර්තනය ඉදිරිපත් කරන ලදී. අනතුරුවල ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිලයේ ලේකම් විංග් කමාන්ඩර් රොමේෂ් පෙරේරා විසින් ජපාන ධූත පිරිස පිළිගනිමින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී.

වැඩසටහන ආරම්භ කරමින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සිසු දරුදැරියන් පස්දෙනෙකු හට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී. එම ශිෂ්‍යත්ව ගොටෝ හිදෙයිකි මහතා සහ සාටෝ සෙයිජි මහතා විසින් සමාධි දිසානායක, යසිඳු අලවත්ත, දිනිෂි කොළඹගේ, සහෂ්රා මිහිසරිනි සහ කල්පනී එරන්දි යන සිසු දරු දැරියන් හට ප‍්‍රදානය කරන ලදී. එසේම ඔවුන් විසින් ඇස් කණ්නාඩි 200 ක් සහ පැන්සල් පෙට්ටි 100 ක් ගුවන් හමුදා සේවා වනිතා එ්කකය වෙත ප‍්‍රදානය කිරීමද මෙහිදී සිදු කරන ලදී. එම භාණ්ඩ සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් භාරගන්නා ලදී.

අනතුරුව, ක‍්‍රිඩා උපකරණ ගුවන් හමුදාව වෙත ප‍්‍රදානය කිරීම සිදු කරන ලද අතර එම පරිත්‍යාගයන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් භාරගන්නා ලදී. එසේම මෙම ධූත පිරිස විසින් පාසල් 9 ක අඩු ආදායම්ලාභි දරු දැරියන් හට ප‍්‍රදානය කිරීම සඳහා පාසල් බෑග් 100 ක් පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය යටතේ මෙහෙයවනු ලබන අතර පාසල් බෑග් 800 ක් ප‍්‍රදානය කිරීම අරමුණ වෙයි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය සහ ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් පැමිණි ජපන් ධුත පිරිස සිදුකරන ලද පරිත්‍යාගයන් අගයමින් ඔවුන් වෙත සමරු තිළිණ ප‍්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් සොව් වනිත ඒකකයේ ලෙකම් ස්කොඩ්රන් ලීඩර් පියුමි ජයසුන්දර විසින් ස්තුති කථාව සිදුකරන ලදී. ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය නිළධාරීන් ඇතුලු සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි