ආපදා කළමනාකරණ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය හා කැඩෙට් නිලධාරීන් සඳහා පළමු ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව
9:33am on Friday 13th December 2019
ආපදා කළමනාකරණ පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය හා කැඩෙට් නිලධාරීන් සඳහා ප‍්‍රථම  ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව පසුගිය දෙසැම්බර් මස 06 වන දින මුලතිව් ආපදා කළමණාකරන පුහුණුු පාසලේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒඑන් විජසිරිවර්ධන ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිලධාරී ස්කොඩ්රන් ලීඩර්  පීඑම්බී මඩහපොල ඇතුළු නිළධාරීන් සිසු නිළයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

දින 30 ක් පුරා පැවති මෙම පාඨමාලාව මගින් ආපදා සහ උපද්‍රව පිළිබඳ හැඳින්වීම ආපදා කළමනාකරණ සභාව ආපදා කළමනාකරණය පිළිබඳ දළ විශ්ලේෂණය උපද්‍රව තක්සේරු කිරීම සූදානම සහ ප්‍රතිචාර සැලසුම් ආපදා කළමනාකරණයට අදාළ සිවිල් නීතිය හදිසි මෙහෙයුම් සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සිදුවීම් විධාන පද්ධතිය ගෝලාකාර ව්‍යාපෘතිය සහ කඳවුරු කළමනාකරණය ප්‍රථමාධාර අනතුරු කළමනාකරණය යන විෂය කරුනු පිළිබද දැනුවත් කරන ලදී.

මෙහිදී කැඩෙට් නිළධාරීන් 04 හා කැඩෙට් නිළධාරිනියන් 01 සහතික පත් ලබාගන්නා ලදී.

සම්මාන ලාබීන්ගේ නාමලේඛනය සඳහා ඉංග‍්‍රීසි පරිවර්තනය බලන්න



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි