යුධහමුදා සඳහා සිදු කරනු ලැබූ ආපදා කළමනාකරණ පාඨමාලාව නිමවෙයි
10:54am on Wednesday 1st January 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර මගින් පසුගිය දෙසැම්බර මස 07 සිට 12 දක්වා පැවැත්වූ ආපදා කළමනාකරණ පාඨමාලාව සාර්ථක ලෙස නිමාවට පත්කරන ලද අතර ඔවුන් වෙනුවෙන් සහතික පත‍්‍ර ප‍්‍රධානයක්ද මෙහිදී සිදුකරන ලදී.

මෙම පාඨමාලාව සඳහා යුධ හමුදා නිළධාරීන් 05 දෙනෙකු සහ සිසු නිළයන් 28 දෙනෙකු සහභාගීවූ අතර මෙහිදී ආපදාවන්හිදී ගුවන් හමුදා කාර්යබාර්ය ඇතුලු වැදගත් කරුණු ගනනාවක් පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී

මෙම සහතිකපත් ප‍්‍රධානය සඳහා ප‍්‍රධාන අමුත්තා ලෙස ගුවන් හමුදා මුලතිව් කඳවුරු අණදෙන නිළධාරී ගෲාප් කැප්ටන් ඒ එන් විජේසිරිවර්ධන සහභාගී වූ අතර  මුලතිව් ආපදා කළමනාකරණ පාසලේ වැඩබල්න අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් බීපීයූඩීපී රාජපතිරන ඇතුලු නිළධාරීන් හා සිසු නිළයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි