ඔලිිම්පික් ක‍්‍රීඩාව තුලින් තිරසාර නායකත්වය
10:56am on Wednesday 1st January 2020
ඔලිිම්පික් ක‍්‍රීඩාව තුලින් තිරසාර නායකත්වය යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා පාලකයන් සඳහා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය ක‍්‍රීඩා අධ්‍යක්ෂකය හා එක්ව විශේෂ වැඩමුළුවක් ගුවන් හමුදා මුලස්ථාන ශ‍්‍රවනාගාරයේදී 2019 දෙසැම්බර් මස 16 වන දින පවත්වන ලදී.

විශිෂ්ඨත්වය ගෞරවය සහ මිත‍්‍රත්වය ඔලිම්පික් ක‍්‍රීඩා උලෙලේ මූලික අරමුණු වන අතර මෙම වැඩමුළුවේ පරමාර්තය වුයේ ඔලිම්පික් පිළිබඳ දැනුම වර්ධනය කිරීම හා ක‍්‍රීඩාව තුලින් තිරසාර නායකත්වය වර්ධනය කිරීම සඳහා ඔලිම්පික් ක‍්‍රීඩාවේ මූලික සාරධර්ම උගන්වන්නේ කෙසේද යන්නයි.

මෙම වැඩමුළුව ප‍්‍රවීන ක‍්‍රීඩා උපදේශක ගෲප් කැප්ටන් නලීන් ද සිල්වා විශ‍්‍රාමික විසින් මෙහෙයවමින් ඔලිම්පික් හා තිරසාර නායකත්වය පිළිබඳ දේශනයක් පැවැත්විය ඔහුට අමතරව ආදිවාසි නායක වනස්පති ඌරුවරිගයේ වන්නිලඇත්තන් විසින් කී‍්‍රඩාව හා උරුමය යන තේමාව යටතේෙ ද ක‍්‍රීඩාව හා රිද්මය තේමාව කරගනිමින් ප‍්‍රවීන නර්තනවේදී ආචාර්ය චන්න විජේවර්ධන මහතාද මෙම වැඩසටහන අර්තවත් කිරීම සඳහා දේශන පවත්වන ලදී.

තවද ගී‍්‍රසියේ පුරාණ ඔලිම්පියා ජාත්‍යන්තර ඔලිම්පික් ඇකඩමියේ පැවති වැඩසටහනකින් ජයග‍්‍රහනය ලැබූ කොළඹ මහාමායා විද්‍යාලයේ හා සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් විසින් ක‍්‍රීඩා පරිපාගකයින් හට ඔලිම්පික් හා මෘදු රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය පිළිබඳ දැනුම ලබාදීමෙ වැඩසටහනක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් මාර්ධල් සුදර්ශන පතිරන ගුවන් හමුදා ක‍්‍රීඩා අධ්‍යක්ෂක තුමන් ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩල නිළධාරීන් හා ඔවුනිගේ බිරින්දෑවරුන් ක‍්‍රීඩා සංචිතයන්හි සභාපති වරුන් සහ ලේඛම් වරුන් මෙම වැඩසටහන සඳහා සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි