ශ‍්‍රී ලංකා ගුවන් හමුදා "මැජික් ඔෆ් ක‍්‍රිස්මස්" නත්තල් කැරොල් ප‍්‍රසංගය ඊගල්ස් ලේක් සයිඩ්හිදී පවත්වයි
9:27am on Monday 6th January 2020
ආගන්තුක සත්කාරය, ත්‍යාගශීලීත්වය, එකිනෙකා සමග බෙදා හදා ගැනීම, පවුලේ අය හා සිය මිතුරන් සමග කාලය ගතකිරීම, අසරණ පුද්ගලයන් සඳහා උපකාර කිරීම යන සියල්ලම "මැජික් ඔෆ් ක‍්‍රිස්මස්" සැමරීමේ විස්මිත මාර්ගයන් වෙයි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ පූර්ණ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2019 දෙසැම්බර් මස 19 වන දින රාත‍්‍රියේ රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී 2019 ගුවන් හමුදා නත්තල් කැරොල් උත්සවය සමරන ලදී.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත‍්‍රානි ගුණරත්න මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සමගින් මෙම අවස්ථාවට සහභාගී වුවාය.  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තිය සහ ආරක්‍ෂක ලේකම්තුමන් ගුවන් හමුදා නත්තල් කැරොල් උත්සවය සඳහා පිළිගන්නා ලදී. වාර්ෂිකව පවත්වනු ලබන ගුවන් හමුදා නත්තල් කැරොල් ප‍්‍රසංගයේ මෙහෙයවීමේ කටයුතු නොකඩවා සිව් වන වසරටත් එෂාන්ත ද අන්ද‍්‍රාදෝ මහතා විසින් සිදුකරන ලදී. ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් සහ ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගෙන් නත්තල් කැරොල් කණ්ඩායම සමන්විත විය. ස්කොඩ්‍රන් ලීඩර් රධික රණවීර සහ ස්කොඩ්‍රන් ලීඩර් ලිලංගි රන්දෙනි විසින් වැඩසටහන මෙහෙයවීමේ කටයුතු සිදුකරන ලදී.

මෙවර 730 කට අධික පිරිසක් ගුවන් හමුදා නත්තල් කැරොල් ප‍්‍රසංගය නැරඹිම සඳහා පැමිණ සිටියහ. මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය,ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ පවුල්වල සාමාජික සාමාජිකාවන්, හිටපු ගුවන් හමුදාධිපතිවරුන්, හිටපු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින්, සේවා වනිතා ඒකකයේ හිටුපු සභාපතිනියන් සහ මිත‍්‍ර රටවල ආරක්‍ෂක නියෝජිතයින් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

පිළියන්දල එස්ඔ්එස් ළමා ගම්මානයේ ළමුන් 50 දෙනෙකු හට ගුවන් හමුදා කැරොල් ප‍්‍රසංගය සඳහා ආරාධනා කරන ලද අතර ඔවුන්ද නත්තල් කැරොල් ප‍්‍රසංගය රසවිඳීමට එක්වූහ. එසේම නත්තල් සීයා විසින් මෙම දරුවන්ට විශේෂ ත්‍යාග පාර්සල් බෙදාදීමද සිදුකෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි