ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර සිය 39 වැනි සංවත්සරය සමරයි
1:52pm on Thursday 9th January 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර 2019 ජනවාරි මස 01 වන දින සිය 39 වැනි සංවත්සරය සමරනු ලැබීය.ගුවන් හමුදා පලාලි කදවුෙර් ඉතිහාසය 1940 දශකය දක්වා දිව යයි. දෙවන ලෝක සංග්‍රාමයේදී බලඝනයන්ට සහාය වීම සඳහා එවකට රාජකීය ගුවන් හමුදාව කන්කසන්තුරෙයි 1940 දී පිහිටුවන ලදී.1981 දී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව පලාලි ගුවන් තොටුපල පවරා ගන්නා තෙක් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාලනය කරන ලදී.

සංවත්සරය සමරමින් කඳවුරේ සියළුම නිළයන්ගේ සහභාගිත්වයෙන් අක්කරෙයි වෙරළ තීරයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් හා ලේ දන්දීමේ ව්‍යාපාරයක් පවත්වන ලදී. සංවත්සර සැමරුම් වැඩ පෙළපාලිය ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කදවුරෙහි සියලුම නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

අනතුරුව සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්විණ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි