පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරු සිය 10 වන සංවත්සරය සමරයි
1:57pm on Thursday 9th January 2020
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර  සහ අංක 07 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 10 වන සංවත්සරය පසුගිය 2020 ජනවාරි මස 05 වන දින සමරණ ලදී. සංවත්සරයට සමගාමීව කඳවුරේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ශාන්තිපුර විද්‍යාලයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් 2020 ජනවාරි මස 03 වන දින දියත් කරන ලදී.

සංවත්සර දින සැමරුම අරඹමින් සංවත්සර දින පෙළපාලිය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීඑස්සී ප‍්‍රණාන්දු විසින් පරීක්‍ෂාවට ලක්කරණ ලදී. අනතුරුව පැල සිටුවීමේ වැඩසටහනක් පවත්වන ලද අතර ගුවන් භට භෝජනාගාරයේ පැවති සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් සංවත්සර දින සැමරුම අවසන් කරණ ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි