ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පොත් බෙදා දීමේ වැඩසටහනක්
5:35pm on Friday 24th January 2020
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ  අම්පාර ප‍්‍රදේශයේ පාසැල් සඳහා පොත් බෙදා දීමේ වැඩසටහනක්  ජනවාරි මස 23 හා 24 යන දෙදින සිදුකරණ ලදී. මෙම වැඩසටහන ගුවන් හමුදා සේවා වනිතා ඒකකෙය් සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ මෙහෙයවීම හා මගපෙන්වීම මත සිදුකරනු ලැබූ අතර ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරී තුමන්ගේ අධීක්ෂනය යටතේ සිදුකරන ලදී.

මීට අමතරව මාර්ටින් වික‍්‍රමසිංහ පදනම මගින් සංවිධානය කිරීමට යෙදුනු අධ්‍යාපනික ප‍්‍රදර්ශනයක්ද සිසු දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලදී.

මෙහිදී  අම්පාර ප‍්‍රදේශයේ පාසල් පුස්තකාල සඳහා අත්‍යවශ පොත් බෙදා දීමක්ද සිදුකරන ලද අතර ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සුරේශ් ප‍්‍රනාන්දු, නිළධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්  හා සෙසු නිළයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි