පකිස්ථානු නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
3:31pm on Tuesday 28th January 2020
පාකිස්ථානු නාවික හමුදා මාණඩලික ප්‍රධානි අද්මිරාල් සෆාර් මහමුද් අබිබාසි මහතා 2020 ජනවාරි මස 28 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන්හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

පාකිස්ථානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි නිළධාරි තුමන් විසින් පිළිගන්නා ලද අතර පාකිස්ථානු නාවික මාණ්ඩලික ප්‍රධානි තුමන් වෙනුවෙන් ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් සමිමාන මුර පෙළපාලියක් ද පැවැත්විණ.

ගුවන් හමුදා මූලස්ථානයට පැමිණි පාකිස්ථානු නාවික මාණඩලික ප්‍රධානි අද්මිරාල් සෆාර් මහමුද් අබිබාසි හා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා සුහද කතාබහක නිරත වු අතර මෙම හමුවීම සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරු කරගන්නා ලදි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානිඑයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරිහුද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි