ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් 72 වැනි ජාතික නිදහස් දින පෙළපාලියට සහභාගී වෙයි
4:09pm on Monday 10th February 2020
වර්ෂ 1948 දී බි‍්‍රතාන්‍යන්ගෙන් නිදහස ලබාගැනීම සිහිපත් කිරීම උදෙසා ඉදිකරවන ලද කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මෙවර 72 වෙනි ජාතික නිදහස් දින උළෙල අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

එවකට ශ‍්‍රී ලංකා රජය විසින් ජාතියේ තේජස සහ අභිමානය විදහා දක්වමින් මහනුවර මඟල් මඩුවේ ආකෘතියට තනවන ලද මෙම සංකීර්ණයෙහි ඇතුළත පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සහ සෙනට් සභාවේ සාමාජිකයින් 224 දෙනෙකු සඳහා ආසන පහසුකම් ලබාදිය හැකි පරිද්දෙන සාදවා ඇත. එසේම, ශාලාවෙන් පිටත එළිමහනේ 25,000 කට පමණ අසුන් ගත හැකි අතර ශාලාව වටා ඇති බිම් ඉඩෙහි 100,000 කට පමණ ආසන පහසුකම් සැකසිය හැකිවෙයි.

නිදහස් චතුරශ‍්‍රය ආරම්භක වසරවලදී නිදහස් දින සැමරුම් උළෙල සඳහා භාවිතා කරන ලද අතර පසුකාලීනව එය වෙනත් ස්ථානයන්හිදී සමරන ලදී. මෙම වසරේදී නැවත වරක් නිදහස් චතුරශ‍්‍රයේදී නිදහස් දින සැමරුම් උළෙල ආරම්භ කරන ලද අතර 72 වන නිදහස සමරමින් 2020 පෙබරවාරි මස 04 වන දින කොළඹ නිදහස් චතුරශ‍්‍රය වර්ණවත් විය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ එම මැතිණිය අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු මෙම ඓතිහාසික අවස්ථාවට අග්‍රාමාත්‍යතුමන්, කථානායකතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන්, අග්‍රවිනිශ්චයකාරතුමන්, මැති ඇමතිවරුන්, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, රුසියානු සමූහාණ්ඩුවේ යුධහමුදාවේ සේනාධිනායක, යුධ හමුදාවේ ජෙනරාල් ඔ්ලෙග් සැල්යුකොව්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිතුමන්, රාජ්‍ය ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක් ද විවිධ ආගමික පූජකඋතුමන්ලා සහ විවිධ රටවල තානාපතිවරුන් ඇතුලු විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ද සහභාගී වූහ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් මගුල් බෙර හා සක් හඬ මධ්‍යයේ ජාතික කොඩිය ඔසවමින් බ්හ පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීතය ගායනා කිරීමෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කල අතර ඉන්පසුව ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිතුමන් විසින් ජනාධිපතිතුමන් විශේෂ පීඨීකාව වෙත කඳවාගෙන යන ලදී. අනතුරුවල විශේෂ පීඨිකාව ඉදිරිපිට පාසල් සිසුවියන් විසින් ජාතික ගීය සහ තෙරුවන්ගේ අශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ”ජය මංගල ගාථා” සහ ”දේවෝ වස්සතු කාලේන” ගායනා කරන ලදී.

අනතුරුව සන්නද්ධ හමුදාවන් විසින් පැවැත්වූ ආචාර වෙඩිමුර 21 න් පසු අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතිය අමතා කථා කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ආචාර පෙළපාලියේ සම්බන්ධීකාරක ලෙස ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ මහතා කටයුතු කරනු ලදී. ගුවන්යානා පෙළපාලිය බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්, බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03ක්,  එම් අයි 17 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා 04ක්, සෙස්නා 150 වර්ගයේ ගුවන්යානා පහක්ද, පීටී-6 වර්ගයේ ගුවන් යානා  තුනක්ද, වයි- 12 ගුවන් යානා යානා 04ක්, බීච් ක්‍රාෆ්ට් බී-200 වර්ගයේ යානා 01ක්, එම්ඒ 60 වර්ගයේ ගුවන යානයක්, කේ-8 වර්ගයේ ජෙට් ගුවන් යානා 03ක් සහ එෆ් 7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා තුනක් ඇතුලළු ගුවන් යානා 30 කින් සමන්විත විය.

ගුවන් යානා පෙළපාළියේ මගපෙන්වීමේ නිළධාරීන්  ලෙස ගෲප් කැප්ටන් නන්දික සල්ගාදු, ස්කොඩ්‍රන් ලීඩර් චානක මාලිගස්පේ, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එරංග ගමගේ සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් තාරක බක්මිදෙණිය කටයුතු කරන ලදී. එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා ගුවන් යානා සංදර්ශනයේ සම්බන්ධිකරණය කටයුතු සිදුකරන ලදී.

සමස්ථ ගුවන් හමුදා ආචාර පෙළපාලියෙහි අණදෙන්නා ලෙස එයාර් කොමඩෝර් උදේනි රාජපක්‍ෂ මහතා කටයුතු කරන ලදී. ගුවන් හමුදා නිළධාරීන් 55 දෙනෙක්,  ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 832 දෙනෙකු  ජනාධිපතිතුමන් හට ආචාර කිරීම සදහා පෙළපාලියට එක්වූහ. බලඝණ 5කින් සමන්විත වූ ගුවන් හමුදා ආචාර පෙළපාලියේ, පෙළපාලි අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් ආනන්ද කුමාරසිරි කටයුතු කරන ලද අතර ස්කොඩ්‍්‍රන් ලීඩර් ජානක හෙට්ටිආරච්චි ත‍්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායමට අණදෙන ලදී. ගුවන් හමුදා පළමු බලඝණය සඳහා ස්කොඩ්‍්‍රන් ලීඩර් අතුල පේ‍්‍රමචන්‍ද‍්‍ර, දෙවන බළඝණය සඳහා ස්කොඩ්‍්‍රන් ලීඩර් ප‍්‍රසාද් කුලතුංග සහ  තුන්වන බලඝණය වන ගුවන් කාන්තා බලඝණය සඳහා ස්කොඩ්‍්‍රන් ලීඩර් ශකිලා ඒකනායක විසින් අණදෙන ලදී.

ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් ඒකකයේ අණදෙන්නා වශයෙන් ස්කොඩ්‍්‍රන් ලීඩර් භානුක බණ්ඩාර කටයුතු කරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලඝණය සඳහා විංග් කමාන්ඩර් තුසිත නන්දක කුමාර විසින් අණදෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි