ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය - 2019
4:19pm on Monday 10th February 2020
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2020 පෙබරවාරි මස 06 වන දින පැවැත්විණි.

මෙහිදී පිරිමි  ශූරතාවය  වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදීග අනුශූරතාව  ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම සමත්කම් දක්වන  ලදී.

කුසලාන හා සහතිකපත් ප‍්‍රධානෝත්සවය සඳහා ගුවන් හමුදා ගුවන් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම් ඩී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගී වූ අතර ගුවන් හමුදා හොකී සංචිත සභාපති එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි