ආරක්‍ෂක සේවා කාන්තා වොලිබෝල් ශූරතාවය නොකඩවා 7 වෙනි වරටත් ගුවන් හමුදාවට
10:51am on Tuesday 18th February 2020
2020 ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවය ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අතර ගුවන් හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම අනුශූරතාවය දිනාගන්නා ලදී.

ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවය 2020 පෙබරවාරි මස 12 සිට 14 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. අවසන් මහා තරඟයේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම විසින් යුධ හමුදා කාන්තා කණ්ඩායම .වට 3-0 ක් ලෙස පරාජයට පත්කරන ලද අතර පිරිමි අවසන් මහා තරඟයේදී යුධ හමුදා පිරිමි කණ්ඩායම විසින් ගුවන් හමුදා පිරිමි කණ්ඩායම වට 3-1 ක් ලෙස පරාජය කරන ලදී. මෙම තරඟාවළිය ගුවන් හමුදා කාන්තා කණ්ඩායම විසින් නොකඩවා 7 වෙනි වරට ජයග‍්‍රහණය කරන ලද තරඟාවළිය වේ.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.ගුවන් හමුදා වොලිබෝල් සංචිත සභාපති එයාර් කොමඩෝර් ආර්එන් තිලකසිංහ, යුධ, නාවික සහ ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි