කටුනායක අධිවේගී මාර්ගය ආසන්නයේ ඇතිවූ ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහාය
9:38am on Friday 28th February 2020
කටුනායක අධිවේගී මාර්ගය ආසන්නයේ හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් ජල ලීටර් 950 ක පමණ වූ බැම්බි බකට් උපකරණය සවිකරගත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව යන ලදී.

අංක 04 බලඝණය මගින් මෙම බෙල් 212 හෙලිකොප්ටර් යානාව ඉතා ඉක්මනින් බම්බි බකට් මෙහෙයුම සඳහා පිටක් කරන හරින ලදී. මෙම මෙහෙයුමට සම්බන්ධ වූ බෙල් 212 හෙලිකොප්ටර් යානාවේ ප‍්‍රධාන නියමුවා ලෙස විංග් කමාන්ඩර් සුසන්ත අලහකෝන් කටයුතු කරන ලද අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිර්මාල් පෙරේරා සහායක නියමුවා ලෙස කටයුතු කරන ලදී.

එහිදී හෙලිකොප්ටර් යානාව නැවත පැමිණීමට පෙර බැම්බි බකට් මෙහෙයුම් 22 ක් පමන සිදුකරණ ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි