ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරඟාවළිය -2020
11:12am on Tuesday 3rd March 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරන ලද ගුවන් හමුදාධිපති විවෘත ගොල්ෆ් තරඟාවළිය ති‍්‍රකුණාමලය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හීදි 2020 පෙබරවාරි මස 22 වන දින නිමාවට පත්විය.

ශ‍්‍රී ලාංකීය ගෝල්ෆ් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 102 දෙනෙකු මෙම තරඟාවළිය සදහා සහභාගි වූ අතර ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපති හැන් තූ මහතා සහ ඉන්දුනීසියානු තානාපති ගුස්ටි න්ගුරාහ් ආ(ර්)ඩියාස් මහතාද තරඟාවළියට සහභාගී වූහ.

ගුවන් හමුදාධිපති අභියෝගතා තරගාවළියේ පිරිමි ශුරතාවය ලකුණු 40 ක් ලබා ගනිමින්  සුරේන් පේ‍්‍රමතිලක හිමිකරගත් අතර කාන්තා ශුරතාවය ලකුණු 36 ක් ලබා ගනිමින් නිලු ජයතලික විසින් හිමිකර ගන්නා ලදී.

ලකුණු 36 ක් ලබාගත් සාහෝ ලියෑන්ග් මහතා සහ ලකුණු 28 ක්ලබාගත් රොෂානි සන්ගනී මහත්මිය පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගන්නා ලදී. ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් එච්එම් උඩවත්ත සහ සාහෝ ලියෑන්ග් මහතා දිගම පහරට හිමි සමාමාන දිනාගනු ලැබූ අතර මේජර් ජෙනරාල් එන්ඒ ධර්මරත්න සහ රොෂාන් ද සිල්වා ආස්නතම පහරට හිමි සම්මාන දිනා ගන්නා ලදී. දොස්තර  ප‍්‍රවීනා දුනුවිල මහත්මිය කාන්තා අංශයේ දීර්ගතම පහරට හිමි සම්මානය දිනා ගන්නා ලදී.
 
ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් උදෙසා පිරිනැමෙන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති කුසලානය මෙවර දිනාගනු ලැබුවේ ලූතිනන් කමාන්ඩර් එච්එම් උඩවත්ත වන අතර එහි අනු ශූරතාවය ලූතිනන් කමාන්ඩර් ආර්එම්ආර්සී රත්නායක විසින් හිමිකර ගන්නා ලදී.

2020 වර්ෂයේ පැවැති ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළියේ ජයග‍්‍රාහකයන් සදහා කුසලාන ප‍්‍රදානය කිරිම අති උත්කර්ශවත් අන්දමින් එදින සවස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මාබල් බීච් අවන්හලේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය කුසලාන ප‍්‍රදානයට සහභාගී වූහ. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ,ගුවන් හමුදා ගොල්ෆ් සංචිත සභාපති එයාර් කොමඩෝර් ප‍්‍රසන්න රණසිංහ,ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩබලන පීඨාධිපති ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි