බෝතලේ රක්‍ෂිතයේ ගින්න නිවිමට ගුවන් හමුදාවේ සහාය
11:15am on Tuesday 3rd March 2020
2020 පෙබරවාරි මස 23 වන දින කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ස්කොඩ්‍්‍රන් ලීඩර් ප‍්‍රභාත් මඩහපොල ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකෙුගෙන් සමන්විත මීරිගම ගුවන් හමුදා කඳවුරු 42 රෙජිමේන්තු පක්‍ෂාංගයේ හදිසි ආපදා සහන සේවා කණ්ඩායමක් යුධහමුදාව සමග එක්ව මීරිගම බෝතලේ රක්‍ෂිතයේ හටගත් ගින්න නිවීමට කටයුතු කරන ලදී.

එදින සවස 1315 පැයට පමණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිපුන තනිපුලිආරච්චි විසින් මෙම ආපදා සහාය කණ්ඩායම පිටත් කර හරින ලදී. පුරා පැය දෙකකට අධික කාලයක් වෙහෙස වී ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට මෙම කණ්ඩායම සමත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි