වව්නියාව ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
9:11am on Wednesday 4th March 2020
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරීවරයා විසින් එම ධුරයේ රාජකාරීන් භාරගැනීම 2020 පෙබරවාරි මස 24 වන දින කඳවුරු සරඹ පිටියේදී සිදු කරන ලදී. එයාර් කොමඩෝර එල්එච් සුමනවීර මහතා විසින් අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එල්සී දිසානායක හට නිළවශයෙන් භාරදෙන ලදී.

එයාර් කොමඩෝර් එල්එච් සුමනවීර විසින් කඳවුරේ සියළුම සාමාජික සාමාජිකාවන් හට සිය ධුර කාලය තුළදී රාජකාරීන් සිදුකරීමට සහාය දැක්වීම පිළිබඳව ස්තුති කරන ලදී. එයාර් කොමඩෝර් එල්එච් සුමනවීර අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරීවරයා වශයෙන් රාජකාරීන් භාරගැනීමට නියමිත වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි