අන්තර් ඒකක පෙර පාසල් තරඟයේ හොදම පෙර පාසල ලෙස අනුරාධපුර සහ වවුනියාව සම්මාන ලබයි.
8:53am on Thursday 19th March 2020
2019 වර්ෂය සඳහා අන්තර් ඒකක පෙර පාසල් තරඟයේ සම්මාන උළෙල 2020 පෙබරවාරි 28 ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගී විය.

අන්තර් පෙර පාසල් තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය ඒකාබද්ධව පවත්වන ලදී.ගුවන් හමුදා පෙර පාසල් එකොලහ අතරින් සමස්ථ හොඳම පෙර පාසල් ලෙස අනුරාධපුර සහ වවුනියා පෙර පාසල් කුසලාන හා සහතිකපත් සහ තෑගි පිරිනමන දිනාගන්නා ලදී. රත්මලාන සහ අම්පාර පෙර පාසල් තෙවන ස්ථාන ජයග්‍රාහකයන් ලෙස නම් කෙරිණි.

හොඳම සිංහල නාට්‍යය සඳහා වූ කුසලානය කොළඹ ගුවන් හමුදා කදවුරු පෙර පාසල් සඳහාද හොඳම ඉංග්‍රීසි නාට්‍ය සඳහා කුසලානය දියතලාව පෙර පාසල් වෙතද පිරිනමන ලදි. උතුරු කලාපයේ හොඳම පෙර පාසල සඳහා කුසලානය  අනුරාධපුර පෙර පාසලට හිමිවූ අතර දක්ෂිණ කලාපයේ හොඳම පෙර පාසල සඳහා වන සම්මානය රත්මලාන දිනාගත් අතර නැගෙනහිර කලාපයෙන් හොඳම පෙර පාසල ලෙස අම්පාර කදවුරු පෙර පාසල සම්මානය දිනා ගත්හ.

අන්තර් ඒකක පෙර පාසල් තරඟයේ විනිසුරු මඩුල්ල ලෙස භූමි වීරසිංහ මහත්මිය මාලී වාසගේ මහත්මිය වසනා දූල්වල මහත්මිය සහ  වයලට් සිරිවර්ධන යන  මහත්මියන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් කටයුුතු කරන ලද අතර ඔවුන්ව සහ මූලික කදවුරු අණදෙන නිලධාරීන් අණදෙන නිලධාරීන් සහ පෙර පාසල් වල නිළධාරින් ජයග්‍රාහී පෙර පාසල් වල කාර්්‍ය මණ්ඩලය සදහා ගුවන් හමුදාපති තුමන්  විසින් උපහාර දැක්වීය.

සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය සහ ගුවන් හමුදා සුභසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කපිල වනිගසූරිය මහතාද මෙම අවශ්ථාවට සහභාගී විය.කදවුරු අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ  කාලාත්ත‍්‍රයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි