ගුවන් හමුදා කොග්ගල සමුද්‍රීය පරිසර ආරක්ෂණ වැඩසටහන සහ වෙරළ සැණකෙළිය සංවිධානය කරයි
8:54am on Thursday 19th March 2020
වර්ථමාන රජයේ තිරසාර සංවර්ධන හා පරිසර ආරක්ෂණ අරමුණු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව කොග්ගල ගුවන් හමුදා කදවුර විසින් කොග්ගල වෙරළබඩ ප්‍රදේශය ආවරණය කරමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් 2020 පෙබරවාරි මස 29 වන දින සිදු කරන ලදී.හබරාදුව ප්‍රදේශයේ වෙරළ තීරය දිගේ කිලෝමීටර 10 ක දුරක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන සැලසුම් කර තිබූ අතර කොරල් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හබරාදුව ප‍්‍රදේශයේ පාසල් ළමුන් හා ගුරුවරුන් 170 ක් පමණ මෙම වැඩසටහන සදහා සහභාගි විය.

1.සමුද්‍රීය පරිසර ආරක්ෂණයේ වැදගත්කම සහ අනාගත පරපුර සඳහා එය සංරක්ෂණය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්.

2.වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන.

3.මුඩිල්ලා ගස් පැළ 80 ක් සිටුවීම.

4.කැස්බෑවන් 100 ක් මුහුදට මුදා හැරිම.
යන වැදගත් වැඩසටහන් මෙහිදී පැවැත්වින. විදේශිකයන් සඳහා වෙරළ සැණකෙළියක් පවත්වන ලද අතර එය විවිධාකාර ආකර්ශනීය විනෝදාස්වාද උත්සව සහ වෙරළ ක්‍රීඩා වලින් සමන්විත වූ අතර එළිමහන් සංගීත සන්ධ්‍යාවක් ද පැවැත්විණි.මෙම වැඩසටහන සඳහා විදේශිකයන් 100 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම උත්සවය දකුණු කලාපයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද විනෝදාත්මක අවස්ථාවක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි