ජගත් කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කල වැඩසටහන් මාලාව සාර්ථකව නිමාවට පත්විය
9:18am on Wednesday 25th March 2020
ජගත් කාන්තා දිනයට හා ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය වන මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ සංකල්පයක් මත ඒය අර්ථාන්විතව සැමරිම සදහා අනුරාධපුර රුවන්මැලි සැරදුන් අභියස හා ජය ශි‍්‍ර මහා බෝධින් වහන්සේ අභියස සංවිධානය කරනු ලැබු විශේෂ පුණ්‍ය වැඩසටහන් මාලාව 2020 මාර්තු මස 08 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සහාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ ප‍්‍රරධානත්වයෙන්
සාර්ථක ලෙස නිමාවට පත්විය.

2020 මාර්තු මස 07 වන දින උදැසන සිට ආරමිභවු මෙම වැඩසටහන් මාලාව සන්ද්‍යා කාලයේ රුවන්මැලි සැරදුන් වන්දනාමාන කිරිමට පැමිණෙන සැදැවත් බැතිමතුන් වෙනුවෙන් මහා සව් දන්සැලක් රුවන්මැලි සැරදුන් අභියස මහා පහන් පුජාවක් හා සුමදුර දම්දෙසුමක් මෙන්ම ඉන්පසුව භික්ෂුණින් වහන්සේලා 35 ස් නමක් විෂයෙහි චතුමධුර පුජාවක්ද සංවිධානය කර තිබුණි.

2020 මාර්තු මස 08 වන දින උදැසන භික්ෂුණින් වහන්සේලා 75 ස් නමක් විෂයෙහි සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක්ද පැවැත්විමෙන් අනතුරුව පුණ්‍ය වැඩසටහන් මාලාව නිමාවට පත්විය. මෙම වැඩසටහන් මාලාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීවරුන් සහ ගුවන් හමුදා සමාජිකයින් සහභාගීවිය.

Aluth Sahal Mangalya

Kapruk Poojawa

Tree Planting Ceremony

Sego Rice Dansala

Pahan Poojawa

‘Chathu Madura’ Poojawa

Alms Giving for ‘Bhikkunis’
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි