වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
9:20am on Wednesday 25th March 2020
එයාර් කොමර්ඩෝ කේකේඒකේ කලුආරචිචි මහතා විසින් වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමර්ඩෝ ඩීසිඅයි වීරසූරිය මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 මාර්තු මස 20 වන දින කඳවුරු සරඹ පිටියේදී පැවැත්විණි.

එයාර් කොමර්ඩෝ කේකේඒකේ කලුආරචිච මහතා 2017 ජනවාරි මස 09 වන දින වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහුගේ ධුර කාලය තුළදී කඳවුරේ විවිධ සංවර්ධන ක‍්‍රියාවලීන් රැසක් දියත් කරන ලදී.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් එයාර් කොමර්ඩෝ ඩීසිඅයි වීරසූරිය මහතා මීට පෙර ගුවන් හමුදා කටුනායක කදවුරේ 12 වන කලාපයේ වැඩබලන අණදෙන නිළධාරී ලෙස කටයුතු කරන ලදී.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන එයාර් කොමර්ඩෝ කේකේඒකේ කලුආරචිචි මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි