ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 7 වන සංවත්සරය සමරයි
9:30am on Wednesday 25th March 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ අංශය  2020 මාර්තු 11 වන දින සිය 7 වන සංවත්සරය සමරනු ලැබීය. මෙම සැමරුමට ප්‍රජා සේවා ක්‍රියාකාරකම් ආගමික කටයුතු සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළත් විය.

මෙම උත්සවය සඳහා ප‍්‍රධාන වැඩසටහනක් ලෙස 2020 මාර්තු 7 වන දින ධර්මචක්‍ර බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් සඳහා රත්මාලන ගුවන් හමුදා කෞතුකාගාරයේ අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී. අංක 1 තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වලට සහ එහි අනාගත සියලු ප්‍රයත්නයන් සඳහා ආශිර්වාද කිරීම සඳහා 2020 මාර්තු 10 වන දින  අශෝකාරාම විහාරස්ථානයේ බණ දේශනයක් සහ බෝධි පූජාවක් ද පවත්වන ලදී.

2020 මාර්තු මස 11 වැනි දින සැමරුමට සමගාමීව සුහද ක‍්‍රිකට් තරඟයක් පක්ෂාංග සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි