කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරීන් සඳහා පැවැත්වූ ගිනි සම්භන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්
10:04am on Wednesday 25th March 2020
කටුනායක ගුවන් හමුදා කඳවුරු හා සියළුම පක්ෂාංග නිළධාරීන් සඳහා පැවැත්වූ ගිනි සම්භන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු මස 11 දින කටුනායක ගුවන් හමුදා ගිනි නිවාරන පුහුණු පාසැල හා ගිනි රථ නඩත්තු පක්ෂාංගයේ දී පැවැත්විණි.

කටුනායක ගුවන් හමුදා ගිනි නිවාරන පුහුණු පාසැල හා ගිනි රථ නඩත්තු පක්ෂාංගය මගින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝ සම්පත් තුයාකොන්තා ගේ හා ස්කොඩ්රන් ලීඩර් අකිල ද අල්විස් ගේ අධීක්ෂනය හා මගපෙන්වීම මත සිදුකරන ලදී. එහිදී වැඩසටහන සඳහා සහභාගිවන්නන්ට ගිනි නිවාරනය හා ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට හැකි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි