ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීම - තුන්වන මෙහෙයුම
10:37am on Wednesday 25th March 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 2020 මාර්තු 11 සහ 12 යන දෙදින තුළදී පවත්වන ලදී. මෙම මෙහෙයුම නොකඩවා තෙවන වතාවට සිදුකරන ලද අතර 2020 වසරේදී මෙහි දෙවන මෙහෙයුම දියත් කරන ලදී. මෙම ක්‍රියාදාමය මගින් ශ්‍රීපාදස්ථානයට පැමිණෙන බැතිමතුන් විසින් අවට පරිසරයට මුදා හරිනු ලබන ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය එක්රැස්කොට ඉවත් කිරීම සිදුකරන ලදී.

සෑම වසරකම උදුවප් පොහොයෙන් පසු සිරිපා කරැණා සමය ආරම්භ වන අතර දේශීය සහ විදේශීය බැතිමතුන් දහස් ගණනක් මෙම කාලසීමාව තුළදී සිරිපා වන්දනාව සදහා පැමිණේග මෙම සියළුම බැතිමතුන් විශාල වශයෙන් කසල ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනු ලබන අතර එමගින් පරිසරයේ අලංකාරයට මෙන්ම ජෛව විවිධත්වයට විශාල වශයෙන් හානි පමුණුවයි.

පිරිසිදු කිරීමේ කාර්යය නල්ලතන්නිය සිට ආරම්භ කරන ලද අතර ඒ සඳහා 150 පමන ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් ශ්‍රීපාද උඩමළුව දක්වා පිරිසිදු කිරීමේ කටයුත්ත සිදු කරන ලදී. එසේම රත්නපුර කුරුවිට මාර්ගය ඔස්සේද තවත් ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් විසින් පිරිසිදු කිරීමේ කාර්යය සිදු කරන ලදී. මෙම මෙහෙයුම සදහා දියතලාව ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් චමින්ද වික්‍රමරත්න විසින් අණදෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි