අයි ඩී එච් රෝහලෙහි නිරෝධායන පහසුකම් පුළුල් කිරීම සඳහා ගුවන් හමුදා සහාය
9:24pm on Thursday 26th March 2020
කොවිඩ් 19 වෛරස ලංකාවේ පැතිරීම ඉහල යාමත් සමග උද්ගතව ඇති තත්වය හමුවේ අයි ඩී එච් රෝහලෙහි නිරෝධායන පහසුකම් පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාවෙන් විශේෂ පහසුකම් රැුසක් සපයාදෙන ලදී.

ඒ අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙසකට අනුව ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ මූලිකත්වයෙන් නිරෝධායන පහසුකම් සැපයීමේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. මෙහිදී කාමර 16කින් සමන්විත ගොඩනැගිල්ලේ වැඩ පසුගිය මාර්තු මස 18 දින ආරම්භ කළ අතර එය සති 02ක කාලයකින් වැඩ නිමකිරීමට නියමිතය. මාර්තු මස 20 වන දින මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම්හි ප‍්‍රගතිය නිරීක්ෂනය කිරීම සඳහා ගුවන් හමුදාධිපති තුමන් එහි සංචාරයක නිරතවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි