ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර කටයුතු පුළුල් කිරිම සඳහා ගුවන් හමුදාවේ දායකත්වය
12:24pm on Sunday 29th March 2020
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගි පුද්ගලයන් වෙත ප්‍රතිකාර කටයුතු පුළුල් කිරිම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ඝෘජු අධික්ෂණය යටතේ ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරිමට පසුගියදා පියවර ගන්නා ලදි.

මෙම ගොඩනැගිලි ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය මගින් ඉදිකරනු ලැබු අතර මෙය ගොඩනැගිලි ද්විත්වයකින් හා අංග සමිපුර්ණ රෝගි පුද්ගලයන් හට ප්‍රතිකාර ලබා දිම සදහා වු කාමර 16 කින් සමන්විත ෙවි. මෙහි ඉදිකිරිම් පසුගිය 18 වන දින ආරමිභ කෙරුණු අතර එය දින 14ක් තුල නිමකිරිමට යෝජිත වුවත් පැය 24 පුරාම ගුවන් හමුදාවෙි ශ්‍රම දායකත්වය යටතේ දින 10 කටත් අඩු කාලසිමාවකදි ඉදිකර 2020 මාර්තු මස 28 වන දින මෙම ගොඩනැගිලි ද්විත්වය ගුවන් හමුදාව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හට නිල වශයෙන් භාර දිම සිදුකරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි