ගුවන් හමුදාව විසින් තොටලඟ රන්මසු උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව වෙනුවෙන් සංගීත ප‍්‍රසංගයක්
8:05am on Wednesday 22nd April 2020
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සංකල්පයකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තුර්යවාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප‍්‍රසංගයක් අද දින (2020 අප්‍රේල් මස 16 වන දින) තොටලඟ රන්මසු උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව වෙනුවෙන් පවත්වන ලදී.

කොරෝනා ව්‍යාප්තියත් සමග ජනතාවට නිවෙස් තුළම රැඳෙමින් ඒකාකාර ජීවන රටාවක් ගත කිරීමට මේ වන විට සිදුවී ඇත. ජනතාවගේ එම ඒකාකාරී ජීවන රටාවට වෙනසක් එක්කිරීම මෙන්ම මානසික සුවයක් ලබාදීමේ අරමුණින් මෙම සංගීත ප‍්‍රසංගය පවත්වන ලදී. ඉදිරි දිනවලදී ද මෙවැනි සංගීත ප‍්‍රසංග රැසක් ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි