ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දේශීයව නිශ්පාදනය කරන ලද පුද්ගල ආරක්‍ෂණ උපකරණ කට්ටල වතුපිටිවල මූලික රෝහලට භාරදෙයි
2:11pm on Tuesday 12th May 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දේශීයව නිශ්පාදනය කරන ලද පුද්ගල ආරක්‍ෂණ උපකරණ කට්ටල 230 ක්  වතුපිටිවල මූලික රෝහලට භාරදීම 2020 අපේ‍්‍රල් මස 25 වනදින සිදුකරණ ලදී. මෙම පුද්ගල ආරක්‍ෂණ උපකරණ කට්ටල කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 1 සැපයුම් හා නඩත්තු ඩිපෝව මගින් නිෂ්පාදනය කරන ලදී. මෙම කට්ටල නිශ්පාදනය සඳහා ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයේ 1979 ආදිශිෂ්‍ය සංගමය විසින් අරමුදල් සපයන ලදී.

ගුවන් ලේකම් එයාර් කොමඩෝර් රන්ජිත් සේනානායක මහතා, ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයේ 1979  ආදිශිෂ්‍ය සංගමයේ සභාපති උපුල් නිශාන්ත මහතා සහ භාණ්ඩාගාරික ලක්කන එදිරිසිංහ මහතා විසින් වතුපිටිවල මූලික රෝහලේ නියෝජිතයන් වෙත මෙම උපකරණ කට්ටල ප‍්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 1 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සනත් කළුබෝවිල මහතාද සහභාගී විය.

මෙම ඇඳුම් කට්ටල වෛදයවරුන් සහ වෛද්‍ය සහායක කණ්ඩායම් සඳහා කොවිඩ් 19 වෛරස් ආසාදනයට ලක්වූ පුද්ගලයින් සමග කටයුතු කිරීමේදී වෛරස් ආසාදනයට ලක්නොවී කටයුතු කිරීම සඳහා භාවිතා කල හැකි වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි