ගුවන් හමුදාව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට මගී විෂබිජහරණ කුටියක්
2:16pm on Tuesday 12th May 2020
ඉදිරියේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් මගින් නැවත පැමිණෙන මගීන් සදහා සිය සේවාවන් විවෘත වනු ඇත. ගුවන් මගින් පැමිණෙන සියලුම මගීන් විෂබීජහරණය කිරීම සඳහා විෂබීිජහරණ පද්ධතියක් නිර්මාණය කිරීම ගුවන් හමුදාව වෙත පැවරිණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂකතුමන්ගේ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් යානා ඉංජිනේරු සහායක පක්ෂාංගය විසින් මගී විෂබිජහරණ කුටියක් නිර්මාණය කරන ලදී.

මෙම නව මගී විෂබිජහරණ කුටිය ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමෙි සභාපති විශ‍්‍රමික මෙිජර් ජෙනරාල් ජී ඒ චන්ද‍්‍රසිරි මහතා වෙත 2020 අප්‍රේල් මස 27 වන දින නිල වශයෙන් භාරදෙන ලදී. ගුවන් හමුදා බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජානක අමරසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් යානා ඉංජිනේරු සහායක පක්ෂාංගයේ ගෲප් කැප්ටන් එස් විතාරණ ගේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද මෙම මගී විෂබිජහරණ කුටිය ප‍්‍රධාන අංශ තුනකින් සමන්විත වේ. මෙහි පලමු කොටසේදී ශරීරයේ ඉහල පිටුපස හා හිස ප‍්‍රදේශය විෂබිජහරණය කිරීම අරමුණු කොටගෙන ඇත. දෙවන කොටසේදී දණහිසට ඉහලින් ශරීරයේ මැද ශරීර කොටස ඉලක්ක කරගන්නා අතර තුන්වන කොටසේදී පාද කොටසෙහි විෂබිජහරණ කි‍්‍රයාවලිය සිදු කරයි.

විශබිජනාශක දියර ඉසීමට අමතරව විශේෂයෙන් නිර්මාණය කරන ලද විෂබිජනාශක ඉසින පද්ධතියක් මගින් විශබිජහරණ උමග තුල මීදුම නිර්මාණය කරන අතර එමගින් ඇදුමි තුල පවතින ඔිනෑම අපවිත‍්‍ර ද‍්‍රව්‍යයක් පිරිසිදු වනු ඇත. තවද උමගෙන් අපවිත‍්‍ර වු සියල්ල ද‍්‍රවයක් ලෙස වෙනමම ටැංකියක එකතු වන අතර එය ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ  කණ්ඩායමක් විසින් නිසි ලෙස බැහැර කරනු ලැබෙි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අනෙකුත් පැමිණීමෙි සහ පිටවිමෙි පර්යන්ත වලද මෙවැනි කුටි ස්ථාපනය කරන ලෙස ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි