හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට නව රෝහලක්
8:54am on Tuesday 2nd June 2020
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද රෝහල් පරිහ‍්‍රය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2020 මැයි මස 30 වන දින සිදුකෙරිණි.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙහි දීර්ඝ කාලීනව පැවති අවශ්‍යතාවයක් වූ මෙම රෝහල් පරිශ‍්‍රය, වෛද්‍ය ප‍්‍රතිකාර අංශයක්, හදිසි ප‍්‍රථිකාර ඒකකයක්, භෞත චිකිත්සක ඒකකයක්, වෛදය රසායනාගාරයක්, එක්ස්-කිරණ ඒකකයක්, ෆාමසියක්, බාහිර රෝගී ප‍්‍රථිකාර අංශයක් සහ නේවාසි රෝගීන් සඳහා වාට්ටු පහසුකම් වලින්ද සමන්විත වෙයි.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ස්කොඩ්රන් ලීඩර් ඩබ්පීඑන්එම් වීරසිංහ ව්‍යාපෘති ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කරනු ලබන අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගයේ ගුවන් භටයින් 120 ක් මෙම ව්‍යාපෘතිය සඳහා දායක විය.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ධම්මික ඩයස්, නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි