තලාතුදුව විහාරස්ථානයෙහි අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද පාලම ගුවන් හමුදාධිපති තමන් විසින් විවෘත කෙරේ
10:44am on Tuesday 23rd June 2020
තලාතුදුව ආරණ්‍ය සේනාසනය වෙත ගමන් කිරීමට යොදාගනු ලබන පාලම අලුතින් ප්‍රතිසංස්කරණය කර විවඃත කිරීම 2020.06.12 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින් විවෘත කරන ලදී.

මෙම අළුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබුවේ ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව වන අතර ගුවන් හමුදා කොග්ගල කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. මෙම කටයුත්තෙහි පූර්ණ අධීක්ෂෙණ කටයුතු සිදුකරනු ලැබුවේ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය මගිනි.

මෙම අවස්ථාව සඳහා ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි  පූජ්‍ය ඇල්ලේ  ඉන්ද්‍රසෝභන හිමි ඇතුළු තලාතුදුව ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් ඇතුළු ගුවන් හමුදා කෙග්ගල කඳවුරු අණදෙන නිළධාරී ගඃඃප් කැප්ටන් මනෝජ් ගලප්පති මහතා ඇතුළු නිළාධාරීන් හා සිසුනිළයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි