විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
1:23pm on Wednesday 24th June 2020
වසර 32 කට වැඩි කාලයක් රට ජාතිය හා ගුවන් හමුදාව වෙනුවෙන්  කැපවීමෙන් සේවය කළ එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2020 ජුනි 16 දින සේවයෙන් විශ‍්‍රාම යන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයක් මත එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් හට සිය කාර්යාලයේදී නිල සමුගැනීමක් සිදු කරන ලදී. එහිදී විශේෂයෙන් ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කරන ලද කැපවීමෙන් හා විශිෂ්ට සේවාව පිළිබඳව ගුවන් හමුදාධිපතිවරයා එයාර් වයිස් මාෂල් හේරත්ට ප්‍රශංසා කළේය.මෙම අවස්ථාව  සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහ එයාර් වයිස් මාෂල් හේරත් සමරු සිහිවටන හුවමාරුවක් සිදුකරගත් අතර ඉන් අනතුරුව එයාර් වයිස් මාෂල් හේරත්හට හමුදා මූලස්ථානයේදී වර්ණ පක්ෂාංගය විසින්  ගෞරව සම්මානයක්ද පිරිනමන ලදී.

එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් 1987 ජූලි 21 වන දින කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 5 වන කැඩෙට් නිලධාරී පාඨමාලාව හදාරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණි.1989 ජුනි 23 වන දින නියමු නිලධාරියෙකු ලෙස කාර්මික සංඥා  ශාඛාවෙහි සේවයට එක්වූ අතර එය දැන් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂකයයි. ඔහු ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ආරක්ෂක අධ්‍යයන ලබා ඇති අතර ඉන්දියාව පාකිස්තානය සිංගප්පූරුව ඊශ්‍රායලය සහ ඕස්ට්‍රේලියාව වැනි විවිධ රටවල විශේෂ පුහුණුවීම් ලබා ඇත.

ඔහුගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ශාඛාෙව්  නැගෙනහිර කලාපයේ කලාප සං  නිලධාරී චයිනා බේ ගුවන් හමුදා ඇකඩමියේ මූලික සං  නිලධාරී අංක 2 බර ප්‍රවාහන බළඝණයෙහි ගුවන් සේවා භාර නිලධාරී අණදෙන නිලධාරී වැනි ප්‍රධාන පත්වීම් රාශියක් හොබවා ඇත. 2019 ජූලි 8 වන දින ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂක ධුරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශෙය් මාණ්ඩලික නිලධාරී ඉලෙක්ට්‍රොනික් 1, 11  සහ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ කාර්යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු නියෝජ්‍ය අධ්‍යක්ෂ දූරයද හොබවන ලදී.

වසර 32 කට වැඩි කාලයක් පුරා ඔහුගේ කීර්තිමත් හමුදා ජීවිතය තුළ උත්තම සේවා පදක්කම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 50 වන සංවත්සර පදක්කම ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම සහ 50 වන නිදහස් සංවත්සර සැමරුම් පදක්කමල නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කමල උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම සහ පූර්ණ භූමි පාදක්කම සහ රිවිරැුස මෙහෙයුම් පදක්කම ලබාගන ඇත.

ඔහු වයි -8 ප්‍රවාහන ගුවන් යානයේ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති අතර ගුවන් විද්‍යුත් ලාංජනය පැළඳ සිටින අවසන් විද්‍යුත් ඉංජිනේරු නිලධාරියා වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි