අංක 47 සරඹ උපදේශක පාඨමාලාව හැදෑරූවන්ට පියවර කෝදු පිරිනැමීම දියතලාව සටන් පුහුණු පාසලේදී සිදු කෙරේ
3:44pm on Tuesday 30th June 2020
දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පැවත්වන ලද අංක 47 සරඹ පුහුණු උපදේශක තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව හැදෑරූවන්ට පියවර කෝදු ප‍්‍රදානය කිරීම 2020 ජූනි මස 27 වන දින සිදුකරන ලදී.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී වික‍්‍රමරත්න ප‍්‍රදාන ආරාදිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් ඩබ්එච්එම්ඉීඑස් බන්ඩාර, සියළුම නිලධාරීන් සහ උපදේශකයින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. 30407 සැරයන් චන්ද‍්‍රසේන කේකේජීසීජේ සෑම අතින්ම දක්‍ෂ සරඹ උපදේශකයා වශයෙන් සම්මාන දිනා ගන්නා ලදී.

මෙහිදී ගුවන් භටයින් 10 දෙනෙකු පියවර කෝදු හිමිකරගන්නා ලදී. මෙහිදී උත්සව සභාව ඇමතූ අණදෙන නිළධාරීතුමන් නව සරඹ උපදේශකයින් හට දැඩි පුහුණුවකින් පසු සේවා ජීවිතයේ සුවිශේෂී කඩඉමකට සපැමිණි සියළුම සරඹ උපදේශකයින් හට සිය සේවාව ගුවන් හමුදාව වෙනුවෙන් ලබාදීමට හැකිවේවායි සිය සුභපැතුම් එක්කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි