ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ නිරෝධායනයට ලක්වූ පිරිස සමාජගත කිරීමට පියවර
7:44pm on Wednesday 15th July 2020
ලෙබනනය බ්‍රසීලය සහ ජපානය යන රටවල සිට මෙරටට පැමිණි  පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත 2020 ජූනි මස 26 යොමුකරන ලදී.

පිරිමි පුද්ගලයින් 32 දෙනෙකු සහ කාන්තාවන් 68 දෙනෙකු ගුවන් හමුදා පලාලි නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනයට ලක්වු අතර මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලූ පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.

පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක් වු පුද්ගලයින් පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අසේල ජයසේකර ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු 2020 ජූලි මස 11 දින වන දින ඔවුන් තම නිවෙස් වෙත පිටත් කර හරින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි