ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
8:10am on Wednesday 22nd July 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක්  නැසීගිය ස්කොඩ‍්‍රන් ලීඩර් ටී එන් පී සිල්වා ගේ බිරිඳ හට ප‍්‍රදානය කිරීම  2020 ජූනි මස 17 වන දින සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කටුබැද්දේ දී සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුර මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සම්පත් වික්‍රමරත්න නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි