වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
8:58am on Saturday 1st August 2020
ගෲප් කැප්ටන් කේඑම්කේ කැප්පෙටිපොල මහතා විසින් වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීටීඑස් සිරිමාන්න මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 ජූලි මස 21 වන දින වන දින කඳවුරු සරඹ පිටියේදී පැවැත්විණි.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන ගෲප් කැප්ටන් කේඑම්කේ කැප්පෙටිපොල මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය. ගෲප් කැප්ටන් කේඑම්කේ කැප්පෙටිපොල වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට නියමිතය.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් වීටීඑස් සිරිමාන්න මහතා මීට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරීවරයෙකු ලෙස කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි