ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
9:23am on Saturday 1st August 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක්  කෝප්‍රල් අතපත්තු ඒඒඑන්ඩී හට ප‍්‍රදානය කිරීම  2020 ජූලි මස 23 වන දින සීගිරිය කදවුරු වැඩබලන අණදෙන නිළධාරි වින්ග් කමාන්ඩර් ජී එස් කරුණාරත්න සේවා වනිතා ඒකකයේ සේවා වනිතා ඒකකයේ ලේකම් වින්ග් කමාන්ඩර් ඊඑම්සීජී ඒකනායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් උලපනේ සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ සීගිරිය ගුවන් හමුදා කඳවුර මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි