ශ්‍රී ලංකා ගුවන් හමුදාව ත්‍රිකුණාමලයේදී ඒකාබද්ධ අනතුරු සහ ගිනි නිවීමේ අභ්‍යාසයක් පවත්වයි
9:44am on Saturday 1st August 2020
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස පරිදි ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ මහතාගේ අධීක්‍ෂ්‍යන යටතේ අනතුරු සහ ගිනි නිවීමේ ඒකාබද්ධ අභ්‍යාසයක් චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී සහ මොරවැව ගුවන් හමුදා කඳවුරේදී 2020 ජූලි මස 30 වන දින පවත්වන ලදී.

මෙම ඒකාබද්ධ අභ්‍යාසය ගුවන් හමුදා ගිනි නිවීමේ අංශ, ආපදා ආධාර සහ ප්‍රතිචාර කණ්ඩායම්, රෙජිමේන්තු විශේෂ බලකා කණ්ඩායම්, චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සහ මොරවැව ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය සහ පොලිස් අංශ සමඟ එක්ව සිදු කරන ලදී.

මගීන් දොළොස් දෙනෙකු සමඟ වයි -12 ගුවන් යානයක් ත‍්‍රිකුණාමලයේ මුතාලියාකුලම් ප්‍රදේශයේ අතහැර දමා තිබූ ටැංකියකට හදිසි ගොඩබෑමක් සිදු වූ අවස්ථාවක් අනුකරණය කිරීම සිදු කරන ලදී. මෙය සජීවී තත්වයක් තුළ අදාළ අංශයන්හි ප්‍රතිචාරය පෙරහුරු කිරීම සහ තක්සේරු කිරීම සඳහා කරන ලද්දකි.

චීන වරාය ගුවන් හමුදා විද්‍යෘපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයූපී රාජපක්‍ෂ සහ මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ටීඑච් ධර්මදාස යන නිළධාරීන්ගේ සමස්ත අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ අභ්‍යාසය ක්‍රියාත්මක කර සාර්ථකව නිම කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි