ගුවන් හමුදාව නිලධාරීන් සඳහා උපදේශන ක්‍රම පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරයි
8:07pm on Thursday 27th August 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සෙසු නිළයන් සඳහා උපදේශන ක්‍රම පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවන් වසර ගණනාවක සිට ක‍්‍රියාත්මක කරනු ලබයි. කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් නිලධාරීන්ට උපදේශන ක්‍රම පිළිබඳ වෘත්තීය සුදුසුකම් ලැබීමේ අවශ්‍යතාවයක් තිබුණි. ඒ අනුව, නිලධාරීන් සඳහා උපදේශන ක්‍රම පිළිබඳ වෘත්තීය පුහුණු සය මාසික පළමු පාඨමාලාව 2019 වසරේදී ආරම්භ විය.

මෙම පාඨමාලාව ඉංග්‍රීසි භාෂා පුහුණුව, පරිගණක පුහුණුව, ගුවන් හමුදා සාමාන්‍ය දැනුම, හොඳ උපදේශකයකුගේ ගුණාංග සහ සමාජීය ගුණාංග, ඉගැන්වීමේ ක්‍රම සහ ශිල්පීය ක්‍රම යන අංශයන් යටතේ පැවැන්විණි. පාඨමාලාව සඳහා සහභාගීවූවන් ඔවුන්ගේ පාඨමාලා චාරිකාව ලෙස දින 10 ක කාලයක් ජාතික අධ්‍යාපන ආයතනයේ  චාරිකාවක නිරත විය.

නිලධාරීන් සඳහා පළුමු උපදේශන ක්‍රම පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතික පත‍්‍ර ප‍්‍රදානය 2020 අගෝස්තු මස 11 වන දින ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ මහතාෙගේ ප‍්‍රධානත්වයෙන් ඒකල වෘත්තීය පුහුණු පාසල් හ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. එකල වෘත්තීය පුහුණු පාසල් අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් මුදිත මහවත්තගේ, නිළධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එච්ඒඅයිජේ හෙට්ටිආරච්චි කුසලතා අනුපිළිවෙලෙහි සමස්ත 1 වන ස්ථානයට පත්විය. එසේම ඔහු සෑම අතින්ම දක්‍ෂ ශිෂ්‍යයා සහ හොඳම ඉදිරිපත් කරන්නා ලෙස කුසලතා හිමිකර ගන්නා ලදී.  ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් තේඒජේකේ ද සිල්වා දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනා ගන්නා ලදී. පාඨමාලාව නිම කරන ලද සෑම නිළධාරියෙකු සඳහාම සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි