සේවා වනිතා ඒකකයේ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස ප‍්‍රදානය කෙරේ
8:09pm on Thursday 27th August 2020
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක අර්ධ නිවාස ව්‍යෘපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස පහක් ප‍්‍රදානය කිරීම 2020 අගෝස්තු මස 12 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවනාගාරයේදී පැවැතිවිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය අරමුදල් සපයන ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය එහි අධීක්‍ෂණ කටයුතු සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූවාය. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, කඳවුරු අණදෙන නිළධාරීන්, නිළධාරීන්, සෙසුනිළයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි