උඩවලව රක්ෂිතය තුල සිදුකරගෙන ගිය අනවසර ගංජා වගාවක් විනාශ කෙරේ
1:46pm on Wednesday 2nd September 2020
ගුවන් හමුදා බුද්ධි ආවේක්ශන පද්ධතිය මගින් තහවුරු කරගනු ලැබු අනවසර ගංජා වගාවන් විනාශකිරීම 2020 අගෝස්තු මස 21 වන දින උඩවලව රක්ෂිතය ආශි‍්‍රතව ස්ථාන අටකදී (08) සිදුවිය. ගරු ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙම මෙහෙයුම සිදුකරන ලදී.

සුරක්‍ෂිත ජාතියක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් බිහිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකා ප‍්‍රධානී විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි,  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මඟ පෙන්වීම යටතේ, පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සම්බන්ධිකරණයෙන් උඩවලව රක්‍ෂිතය තුල මෙම වැටලීම් සිදුකරන ලදී.

මෙහිදී බීච් ක‍්‍රාෆ්ට් :ඊැැජයජර්ඓ* වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් යොදාගනිමින් සියළු ස්ථාන නිරීක්ෂණය කිරීම සහ එම ස්ථාන තහවුරු කිරීම සිදුකල අතර ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හා එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවන් දෙකක් යොදා ගනිමින් පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිස් ගුවනින් මෙම අනවසර ගංජා වගාවන් වෙත ගොඩබස්වන ලදී. එසේම ගුවන් හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිස් ගොඩබිම් මාර්ග ඔස්සේද මෙම ස්ථානයන් වැටලීම සිදු කරන ලදී.

මෙම ස්ථානවල වගා කරන ලද ගංජා පැල 160000 ක් පමණ තිබූ අතර ඒවා සියල්ලම මෙම මෙහෙයුමේදී විනාශ කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි